Quantcast
Channel: සිංහPedia
Viewing all articles
Browse latest Browse all 208

ලක්දිව රජකළ දුටුගැමුණු රජතුමා

$
0
0





ගියපාර කතාකලේ කාවන්තිස්ස රජතුමා ගැනනේ.වැඩිය කතා නැතුව දැන්මම වැඩේට බහිමු නේ.අද මම කතාකරන්න හිතාගෙන ආවෙ දුටුගැමුණු රජතුමා ගැන.
කාවන්තිස්ස රජුට හා විහාර මහා දේවියට ගාමිණී අභය හා තිස්ස නමින් පුතුන් දෙදෙනෙක් සිටියහ.ඔවුන් හදා වඩා ගන්නා විට පියා කරුණු තුනක් ගැන දැඩි ලෙස අවධාරණය කළේය.ඒවා නම්,

1.බුදු දහමට හා සංඝයා වහන්සේට නොසැලෙන භක්තියෙන් යුක්ත වීම
2.සහෝදරයන් දෙදෙනා අතර සමගිය තිබීම
3.දෙමළුන් සමග සටනට නොයෑම

ළමා අවදියේ සිටම වැඩිමහල් පුත් ගාමිණි අභය මවගේ දිරි ගැන්වීම හා අනුදැනුම ඇතිව දෙමළුන් සමග සහජීවනයෙන් වාසයට පියා දක්වන ප්‍රතිපත්තියට විරුද්ධව කැරලි ගැසීය.

සත්‍ය වශයෙන්ම කාවන්තිස්ස,තමන්ගේ පාලන ප්‍ර        දේශයට දෙමළ ආක්‍ර         මණයක් ඇති වීමට විරුද්ධව පියවර ගත්තේය.කච්චක තිත්ථ වැනි මර්මස්ථානවල මුර භට සේවා පිහිටුවා,හැම රදල පවුලකින්ම තෝරා ගත් පුත  ්‍රයන් රැකවරණ සේවයෙහි යෙදවූයේය.පෙනෙන අන්දමට රජුගේ ආරක්ෂක ප්‍ර           තිපත්තියේ කොටසක් ලෙස ඉතා ප්‍ර  බල ශක්තිමත් තරුණයන් සොයා ගෙන ඒ යෝධයන් ගාමිණී අභයගේ සහායකයන් බවට පත් කළේය.විවිධ කාර්යයන්ට දක්ෂ ඒ යෝධයෝ දස දෙනා නම් වේළුසුමන ,නන්දිමිත්‍ර            ,සුරනිමල,මහාඝෝණ,ගෝඨයිම්බර,ථේරපුත්තාභය,භරණ,බඥ්ඡදේව,ඵුස්සදේව හා ලභියවසභ නම් වේ.

ඒ එකිනෙකාට යෝධයින් දහදෙනා බැගින් තෝරා ගැනීමටත්,ඒ දහදෙනාට තවත් දහසක් බැගින් තෝරා ගැනීමට අණ කෙරුණි.මේ අන්දමින් යෝධයින් දහදෙනා යටතේ තවත් දසදහසක් සේනාංක අනුයුක්ත කර ගන්නා ලදී.ගාමිණි අභය එවුන්ගේ ප්‍ර      ධානියා විය.ඔහු හස්ති ශිල්ප ,අශ්ව ශිල්ප ,කඩු ශිල්ප,දුනු ශිල්පයෙහිද ශූරයෙක් විය.ඔහු මහා ග           ්‍රාමයේ රැදී සිටි අතර,ඔහුගේ බාල සහෝදර තිස්ස හමුදාව සමග ඒ ප්‍ර            දේශය රැක ගන්නට දීඝවාපියට යැව්වේය.
තම සෙනඟ පරීක්ෂා කළ ගාමිණී අභය දමිළයන්ට විරුද්ධව සටනට තමා සූදානම් බව තීරණය කළේය.තම පුතා සටනට යාමට කළ ඉල්ලීම කාවන්තිස්ස කීප වරක්ම ප  ්‍රතික්ෂේප කළේය.ඉවසිය නොහැකි වූ තැන ඊට විරෝධය පෑමක් වශයෙන් ගැමුණු කුමරා කළේ ඔහු වෙත සත්‍රී ආභරණ යැවීමය.මෙයින් කාවන්තිස්ස රජතුමා කිපී ගැමුණු කුමරා අල්ලාගෙන සිර කිරීමට තැත් කළෙන් ඔහු කඳුරටට පලා ගොස් කොත්මලේ ප්‍රදේශයේ වාසය කළේය.පියාට විරුද්ධ වූ බැවින් එතැන් පටන් ඔහු දුට්ඨගාමිණී හෙවත් දුටුගැමුණු නමින් ප්‍රසිද්ධ විය.මේ අමතරව කාවන්තිස්ස රජතුමා මහානාගහුල නැමැති ස්ථානයේ චෛත්‍යක් ඉදි කිරීමට ආරම්භ කළේය.එහි වැඩ නිම වූ පසු එය මහාසංඝයාට පුජා කිරීමේ උළෙලක් පැවැත්විණි.ඒ සඳහා භික්ෂුන් වහන්සේලා විසිහතර දහසක් වැඩැයහ.රජතුමා උන්වහන්සේලාට ඉදිරියට සියලු යෝධයන් රැස් කරවීය.ගැමුණු කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යම් කලෙක සටනක් ඇති වුවහොත් ඊට සම්බන්ධ නොවීමට එහිදී ඔවුන් සපථ කරවා ගත්තේය.මේ අයුරින් කාවන්තිස්ස රජතුමා එතැන් පටන් විහාර සැටසතරක් කරවීය.එතුමාගේ අභාවය සැලවූ තිස්ස කුමරා අවුත් පියාණන්ගේ ආදාහනෝත්සවය නිමවා මව වූ විහාර මහාදේවියත් කඩොල් ඇතාත් රැගෙන ගැමුණු කුමරාට භයින් යළිත් දිගාවැවට ගියේය. ඇමතියන් හසුන් ලද දුටුගැමුණු කුමරා මාගමට විත් රාජ්‍යයෙහි අභිෂේක ලැබීය .මවත් කඩොලැතැත් ඉල්ලා තිස්ස කුමාරයාට හසුන් යැවූ නමුත් එය නෂ්පල වෑයමක් විය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යුද දෙකක් ඇති විය. භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම නිසා පසු ඔවුන් දෙදෙනා සමගි වූහ.කලක් තිස්සේ දුටුගැමුණු රජුගේ සිතට වදදුන් මනදොල සංසිදවා ගැනීමට අවස්ථාවක් උදා වූයේ ඉන් පසුවය.ආශිර්වාදය හා ආරක්ෂාව වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා පන්සිය නමක්ද පෙරටු කොටගත් යාන වාහන හා බලසෙන් සහිතව කඩොලැතු පිට නැගුනු දුටුගැමුණු රජතුමා රුහුණෙන් පිටත්ව අනුරාධපුරය බලා ගමන් කළේය.ඒ කාලවකවානුව තුළ මහවැලි ග‍ඟෙන් මෙතෙර දමිළ බලකොටු කීපයක්ම අල්ලාගන්නා ලද්දේ උපාය මාර්ගයෙනි.මහියංගණය,අඹතොට,සැත්බෑ කෝට්ටේ,අතුරුහෙබ,ද්‍රෝණ,හල්කොල,නැලිහෙව,දික්අබාගල,කස්තොට,කෝට නුවර,වහිට්ඨ,ගැමුණුගම,කුඹගම,නන්දිගම,ඛානුගම,තඹගම ආදී ස්ථානවල පිහිටි දෙමළ බලකොටු බිඳ ඒවායෙහි සිටි දමිළ සේනාපතියන් අල්ලා ගැනීමට ඔහුට හැකිවිය.මෙහිදී යුදවලින් පැරදුණු බොහෝ දමිළයන් පලාගොස් විජිතපුර බලකොටුවේ .මේ සටන්වලදී දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන සේනාධිපති වූයේ නන්දිමිත්‍රයෝදයාය.මහවැලි ගහෙන් එතෙර වූ දුටුගැමුණු රජුගේ ඉලක්කය වූයේ විජිතපුර බලකොටුවට පහර දීමය මේ බලකොටුව පවුර,අට්ටාල ආදියෙන් සමන්විත වූ උස් වූ ගල් පවුරකින් වට කොට තිබූණි.ඊට තිබුණේ අයෝමය දොරවල්ය දුටුගැමුණු රජුගේ සේනාව කඩොල් ඇතාත් යොදාගෙන මේ දොරටු අසල දමිළ සේනා සමඟ සටන් කළහ.අන්තිමේදී දමිළයෝ බලකොටුවෙහි දොරවල් වසාගෙන ඇතුළට වන්හ.කඩොල් ඇතා ලවා දකුණුපස යදොර බිදිලීමට තැත් කරද්දී නොයෙක් ආයුධවලින් පහර දෙමින්ද රත් කළ යකඩ ගැලි හා ලෝදිය දමමින්ද එම උත්සාහය මැඩලීමට දමිළයෝ උත්සාහ දැරූහ.මෙයින් වේදනාවට පත් හස්තියා එතැනින් පලා ගියේය. එහෙත් පසුවට නොවුණු සිංහල හමුදා කඩොල් ඇතාට නිසි පිළියම් යොදා ඒ තෙල් සම් යොදා යළිත් දොරටුව බිඳීමට මෙහෙය වූහ.එම අවස්ථාවේදී ඔවුන්ගේ බලාපොරොත්තුව සඵල කරගැනීමට හැකි වීය.බලකොටුව තුළට පැනගත් සිංහල හමුදා සතුරන් නසමින් එය විනාශ කර දැමුහ.මේ සඳහා ඔවුන්ට මාස හතරක් ගත විය.ඉන්පසු ගිරිල නුවර බලකොටුව අල්ලාගත්හ.

ඉන්පසුව ඔවුහු දමුන්නරුව නගරයට ගියහ.එහි සිටි දෙමළුන් හා සටන් කරන අතර දුටුගැමුණු රජුගේ සේනාවත්,දෙමළ සේනාවත් එකම ඇදුම් පැළදුම්වලින් සැරසී සිටි නිසා ඔවුනොවුන් හදුනා ගත නොහැකිව තම තමන්ගේ සේනාව මරා ගන්නට වූහ.මෙය දැන ගත් දුටුගැමුණු රජු එම සටන් බිමේදීම මාගේ මේ ව්‍යයාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය.බුද්ධ ශාසනය පිහිටුවීම පිණිසයි.මාගේ සිතෙහි එවැනි ආශාවක් හැම කල්හිම ඇත්තම් එම සත්‍ය ක්‍ර   ියාවෙන් මාගේ සේනාව ඇද සිටින ඇදුම් හා පැලද සිටින්නා වූ ආභරණද,අතින් දරා සිටින හෙල්ලද යන සියල්ල ගිනි ගෙද දිලිහෙන්නාක් මෙන් වෙත්වා!දෙමළුන්ගේ එසේ නොවේවායි! සත්‍ය ක්රියා කළේය.එකල්හි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සත්‍ය ක්රියාව එපරිද්දෙන්ම සිදු වූ බව වංශ කථාවල සදහන් වේ.මෙයින් එම බලකොටුවද පහසුවෙන් අල්ලා ගැනීමට හැකිවිය.

එහෙත් පහසුවෙන් අල්ලා ගත නොහැකි තවත් බලකොටුවක් තිබිණ.එය පිහිටා තිබුණේ මහෙල නම් ස්ථානයේය.එය දිග අගල් තුනකින් හා කටු වැටකින් ආරක්ෂා වූවකි.මේ බලකොටුව අල්ලාගැනීමට සාරමසක් සටන් කිරීමට සිංහලයන්ට සිදු විය එයින් නිසි ලෙස ඵල නෙළා ගැනීමට නොහැකි බව දැනගත් දුටුගැමුණු රජතුමා එය අල්ලා ගත්තේ උපාය මාර්ගයෙනි.එතැන් පටන් කිසිම බාධාවකින් තොරව සිංහල සේනාවට අනුරධපුරය දක්වා ගමන් කිරිමට හැකි විය එහෙත් දුටුගැමුණු රජතුමා එකවරම එළාර රජු සමඟ සටනට යාමට තීරණය කළේ නැත. ඒ වන විටත් බලකොටු තිස් දෙකක් විනාශ කිරීමට උරදුන් සිංහල සෙබළු පීඩාවට පත්වී සිටින්නට ඇත.මෙතෙක් ඔව්න් සටන් කර තිවුණේ අනුරාධපුරයට අයත් පසල් දනව්වල සේනාධිපතීන් සමඟ පමණි.නමුත් ප්‍රධාන දමිළ සේනාව තව තවත් ශක්තිමත් වෙමින් සිටියා මිස සටනට සම්වන්ධ වුයේ නැත. එබැවින් තම යුද ශක්තිය තරකරගැනීමටත් ඊට අවශ්‍ය ආහාර පාන බේත්හේත් ආදිය එක්රැස් කර ගැනීමටත් දුටුගැමුණු අදහස් කරන්නට ඇත. එබැවින් ඔහු අනුරාධපුරයට සැතපුමු දහ අටක් තරම් දුරින් තිබුණු කසාගල කඳවුරු බැඳගෙන වැවක්ද තනවා පොසොන් මස්හි දිය කෙළියෙහි යෙදෙමින් කල්ගත කළේය මෙසේ ටික කාලයක් ගත වී ගිය පසු එළාර රජුද ප්‍රධාන කොට වූ යෝධයන් හා මන්ත්‍රණය කොට පර්වත නම් ඇතුපිට නැගී විශාල සේනාවක් රැගෙන දුටුගැමුණු රජු හා සටන් කිරීම සඳහා කසාගල දෙසට ගමන් ගත්තේය.එකල ඉන්දියාවේ මෙන්ම ලක්දිව පැවති යුද්දෝපක්‍රම නම් දෙපිළක් අතර සටනක් දියත් කළ විට විරුද්ධ පැත්තේ සෙන්පතියන් ජීවග්‍රහනයෙන් අල්ලා ගැනිම හෝ මරා දැමීම පහර දෙන පැත්තේ බලාපොරොත්තුව වීමයි ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොදීම අනික් පැත්තේ උපක්‍රමය විය .එළාර රජු සතුව පැවති යුද ශක්තිය චරපුරුෂ සේවය මගින් දුටුගැමුණ් රජ අවබෝධ කරගෙන සිටින්නට ඇති බවටද සැක නැත .

එබැවින් ඔහු සිය මෑණියන්ගේද උපදෙස් ලබාගෙන සතුරු පක්ෂයේ වීරයා පීඩාවට පත් තිරීමට උපායක් යෙදීය.ඒ අනුව බලකොටු තිස්දෙකක් එම ස්ථානයේ ඉදිකොට දුටුගැමුණු රජතුමාට සමාන රජ රූපද කරවා රජු එහි සේසත යට සිටින බවක් ඇඟවෙන සේ එම රෑ දෙතිස බලකොටුවල තැබුවේය. ඉන්පසු දුටුගැමුණු රජතුමා අභ්‍යන්තර බලකොටුවල සිටි අතර ප්‍රධාන සේනාධිපති නන්දිමිත්‍ර යෝධයා ඔහුගේ ආරක්ෂාව සඳහා සූදානම්ව සිටියේය.යුද්ධය ඇරඹීමත් සමඟ එළාර රජුගේ භයංකාර වූ මහත් බල ඇති දීඝජන්තු යෝධයා සටන් කරමින් දුටුගැමුණු රජු සිටින ස්ථානයයි සිතා බලකොටු දෙසට ඇවිත් ඒවාට පහර දීමට පටන් ගත්තේය .ඔහු අසිපත හා පළිහද රැගෙන අටළොස් රියනක් පමණ අහසට පැන පළමු බලකොවෙහි තබා තිබුණු රුවට පහර දී එය බිම දැම්මේය .මෙසේ බලකොටු සියල්ල බිඳදමා දුටුගැමුණු රජතුමා සිටින බලකොටුව දෙසට ගියේය. ඔහුගේ ගමන වැළකි ගිය රජුගේ ආරක්ෂාව සඳහා සූදානමින් සිටි නන්දිමිත්‍ර යෝධයා පරුෂ වචනයෙන් බැනීමය. ඔහුගේ ඒ උපක්‍රමය සාර්ථක විය පරුෂ වචනයෙන් බැණ වචනයෙන් බැණ වැදීමෙන් කිපුණු දීඝජන්තු රජු වෙත යාම නවතා නන්දිමිත්‍ර මරා දැමෙන අදහසින් අහසට පැන්නේය .නන්දිමිත්‍ර එවිට කළේ තමාට පහර දීමට පහලට එන දීඝජන්තු වෙත පළිහ ඇල්ලීමය. එවිට පළිහත් සමඟ නන්දිමිත්‍ර කපමෙයි සිතා දීඝජන්තු වැරෙන් කඩුපහරක් දෙන්නේය. ඒ පහර පළිහෙන් වළක්වා කඩුව පළිහ විනිවිද ගෙනෙත්ම එය අතහැරියේය.එබැවින් කඩුවද ගිල්හී දීඝජන්තු බිම ඇද වැටිණ .එහෙත් ඔහුට කඩුව අතට ගැනීමට නන්දිමිත්‍ර ඉඩ තැබුවේ නැත. ක්ෂණිකයෙන් නැගිට තම අසිපතින් දීඝජන්තු මරණයට පත් කළේය .එළාර රජුගේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන තුරුම්බුව වූ දීඝජන්තුගේ මරණයත් සමඟම එහුගේ හමුදාව මානසික වශයෙන් කිසියම් පසුබැස්මකට ලක්වූ බව නිසැකය .දුටුගැමුණු රජුගේ ඵුස්සදේව යෝධයා සක පිඹීමක් සමඟම එයින් බියපත් වුණු ඔවුහු සීසීකඩ පලා ගියේය. එහෙයිනි එබැවින් සිංහල හමුදාවට ලෙහෙසියෙන්ම ඔවුන් මර්ධනය කිරීමට හැකිවිය. විජිතපුරයේ බල බිදී යත්ම සිංහල හමුදාව සමඟ කරන සටනේදී ලක්දිව සිටි තම හමුදාව ගැන එළාර රජු සැහීමකට පත් වී නොසිටි බවද පෙනේ .එබැවින් ඔහු දකුණු ඉන්දියානුවෙන්ද ආධාර ඉල්ලා තිබිණ. අන්තිමේදී යුදයෙන් පැරදී එළාර රජ පලා ගියේය ඔහු ලුහුබැද ගිය දුටුගැමුණු රජු ද්වන්ද සටනකින් ඔහු දකුණු වාසලේ දොරදී මරණයට පත් කළේය.පුරාණ ක්ෂතීය ධර්මය අනුව රජුගේ දේහය ආදාහනය කරවා එතැන චෛත්‍යක් ඉදිකරවන ලදී. දීඝජන්තුගේ බෑණා වූ භල්ලුක යෝධයා එළාර රජුගේ හස්න ලැබ සැටදහසක් සෙනඟ පිරිවරා ආධාර පිණිස ලක්දිවට ගොඩ බැස්සේය එළාර රජු ආදාහනය කොට සත්දිනක් ගත වීමෙන් පසුය. ඒ දුක්මුසු පුවත ඇසූ භල්ලුක මහාතිත්ථ‍යේ සිට අනුරාධපුරය බලා ගමන්ගත්තේය. දුටුගැමුණු රජතුමාද යුදසෙනඟ පිරිවරා ඔහු එන පෙරමගට ගොස් යුද කොට භල්ලුකද මරා දැමුවේය .යුද්ධයේදී කරන ලද ප්‍රාණඝාත සිහිපත් වූ දුටුගැමුණු රජතුමා බොහෝ සෙයින් පශ්චාත්තාප විය. එය සමනය කරන ලද්දේ භික්ෂූන්වහන්සේලා විසිනි.

සිහසුනට පත් ඉක්මනින්ම දුටුගැමුණු කළ මුල්ම ක්රිවන් අතර භල්ලුක සමග කළ සටනේදී තමා භේදා ගනිමින් බල්ලුකගේ කටට ඊයක් විදිමින් ඔහු මරණයට පත් කළ ඵුස්සදේව යෝධයාට ඊයක උසට සරිලන ප         ්‍රමාණයට රන් කාසි රැසක් දෙන ලද්දේය.

රජු දිනක් සංඝයාට නොදී මිරිස් වැටියක් කෑ බව මතකයට ආ රජු අනුරාධපුරයේ තමාගේ පළමුවැනි ස්තූපය ගොඩ නැගීමට අදිටන් කර ගත්තේය.තමා අතින් සිදු වුණු වරදට දඩුවමක් වශයෙන් රජු තැන වූ ස්තූපය මරිචට්ටි හෙවත් මිරිසවැටිය යනුවෙන් නම් තබා ඒ නමින්ද විහාරයක් කරවීය.

රජුගේ මීළඟ විශාල ව්‍යාපෘතිය වූයේ ලෝවාමහාපාය ප ්‍රසාදය ගොඩ නැංවීමය.ඔහුගේ අදහසක් ව තිබුණේ සංඝයා වහන්සේට දේව ප            ්‍රසාදයක් හා සමාන මන්දිරයක් තනා දීමය.ඒ අනුව සෑදූ මහල් නවයකින් යුත් ඒ මහා මන්දිරය උස රියන් සියයකි.බිම මහල වර්ග ප            ්‍රමාණයෙන් වර්ග රියන් සියයක් විය.හැම මහලකම සී මැදුරු කවුළු එක බැගින් විය.බිම් මහලෙහි මැද දේශන ශාලාවක්ද විය.එහි දේශකයානන් වහන්සේට මාහැඟි ආසනයක් පනවා තිබුණි.මේ සියල්ල එකල සුබේපබෝගී හා ගෞරවණිය බාවයේ සංකේත විය.
පුතිපත්තියක් වශයෙන් දුටුගැමුනු රජු මහජනතාවගෙන් නොමිලයේ සේවය ලබා නොගත්තේය.එසේම විවිධ උත්සවවලට සහභාගී වූවන්ට මසුරුකම් නොසිතා රජු තෑගි බෝග ප           ්‍රදානය කළේය.මේ උත්සවවලට ආ මහජනතාවට නෑමට,කොණ්ඩා කැපීමට,මේවර තැබීමට,ඇදුම් මාරු කර ගැනීමට අවශ්‍ය වන සියලුම පහසුකම් ද විශේෂයෙන් සකසා තිබුණි.

දුටුගැමුණු රජු කහවණු ලක්ෂයක් වැය කොට මහා බෝධියට උත්කර්ෂවත් පූජාවක් කළේය.ඉන්පසුව නුවරය එන ගමනේදී අනාගතයෙහි මහාථුපය තැනෙන බිම යැයි මිහිදු හිමියන් නියම කළ තැන දේවානම්පියතිස්ස පිහිට වූ ගල් ටැඹ සොයා ගත්තේය.මේ සමග රජුගේ ප            ්‍රධාන ම කාර්යය ආරම්භ විය.මහාථූපය ලෙස සරලව හැදින්වූ රුවන්වැලි සෑය තැනීය එම කටයුත්තය.රුවන්වැලි සෑය තැනීමට අවශ්‍ය ද්‍ර          ව්‍යයන් රටේ විවිධ තැන්වලින් තැබිනි.අනුරාධපුර සිට යොදුනක් උතුරු දිගින් ගම්භිර ගඟ අසලින් ගඩොල්ද,අනුරාධපුරයට ඊසාන දිගින් යොදුන් තුනකට එහා ආචාරපිට්ඨියෙන් රත්රන්ද,තම්බපට්ඨියෙන් තඹද,අම්බට්ඨකෝල ගුහාවෙන් රිදීද,සුමන වාපියෙන් වෙරළු මිණි හා පද්මරාග මාණික්‍යද,කලා ඔය  මෝය අසල උරුවේල වරායෙන් මුතුද,පේළිව පිකයෙන් මැණික්ද ලැබිණි.

රුවන්වැලිසෑයට මුල් ගල් තැබීමේ උත්සවයට ඉන්දියානු උප මහද්වීපයෙන් හා එහි බටහිර අසල්වැලි රටවලින්ද ඒවායේ ඇති විහාරවලින් භික්ෂූන් වහන්සේලා රැස් වූහ.

සතුටට පත් රජතෙමේ මහා ථූපය වටා චෛත්‍ය මණ්ඩලයක් ලකුණු කරවීය.එකල්හි දුර දක්නා නුවන ඇති භික්ෂුවක් රජු ජීවිත කාලය ඇතුළත නිමා කරන ගන්නට නොහැකි විශාල ථූපයක් කරන්නට පටන් ගන්නේද,එසේම එය අනාගත පරම්පරාවට නිම කරන්නටද දුෂ්කර වන්නේය යයි කීය.
ඒ අනුව මධ්‍යම ප ්‍රමාණයේ තූපයක් කරන්නට රජු එකඟ විය.අමාත්‍යවරුන් අට දෙනෙක් මඟුල් ගල් පිහිට වූහ.එහි දී පියදස්සී රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළහ.මේ උළෙල පැවැත්වුණේ අසාල්හ හෙවත් ජුනි ජූනි මාසයේ පොහෝදාය.

දුටුගැමුණු රජු තෝරා ගත් ශිල්පියා ථූපයක ස්වරූපය සැලසුම් කළේය.එහි ලා ඔහු රත්රන් පාත          ්‍රයකින් ගත් ජලය දිය පිට ගසා සම්පූර්ණ අර්ධ ගෝලාකාර බුබුලක් මැව්වේය.ඉන්පසු ඉදිකළ මහාථූපයේ පදනම නව වතාවක් ගිළුණේය.වැටුප් රහිතව කිසිවෙකු මහාථූපයේ වැඩට නොගත්තේය.නීතිය මග හැරි පිරිස්වලට නිසි ලෙස වන්දි ගෙවීය.ධාතු ගර්භයේ සැලැස්ම හා එහි පරිසමාප්තියට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉන්ද ගුත්ත රහතන් වහන්සේටය.ධාතු ගර්භයේ නිධන් කරන ධාතු සැපයීම ඝෝණුත්තර තෙරුන් වහන්සේ භාර ගත්තේය.
විශිෂ්ට උත්සවයක් පවත්වා ධාතූන් වහන්සේලා නිධන් කොට ධාතු ගර්භය වසන ලදී.කැමති අයට තමන්ට කැමති අයුරින් ධාතූන් වහන්සේලා හෝ වටිනා වස්තු දීමට කැමති නම් ඒ සඳහා අවස්ථාව සපයා දී තිබුණි.රජු,ගර්භය සම්පූර්ණ කොට ඒ මත සතරැස් කොටුවද සමාප්ත කළේය.ඡත්තය ඉදි කිරීමට හා සුණු පිරියම් කරන්නට කලින් රජු මාරාන්තික ලෙස අසනීප විය.

දුටුගැමුණු රජු දීඝවාපියේ සිටි සහෝදර තිස්සට පණිවිඩ යවා ථූපයේ වැඩ අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය.තම සහෝදරයාගේ තත්ත්වය ඉක්මනින් නරක අතට හැරෙන බව දැනගත් තිස්ස උණ දඩුවලින් හා සායම් උදව් කරගෙන ඔහු චෛත්‍යෙය් වැඩ කටයුතු සමාප්තියෙන් පසු පෙනෙන තත්ත්වයට පත් කළේය.එය දුටු දුටුගැමුණු රජු අතිශය සතුටට පත්විය.

ඉන්පසු රජු රුවන්වැලි සෑය සහ ලෝවාමහා ප ්‍රසාදය අතර එළා ගත් ඇද ඇතිරිල්ලක සැතපුණේය.සංඝයා වහන්සේලා කණ්ඩායම් වශයෙන් ගුණ සච්ඤායනා කරන්නට වූහ.මරණාසන්න රජු සටන් විසි අටකදී මා සමග එකට සටන් කළ ථේරපුත්තාභය අද තමාට තනිව මාරයා සමග සටන් වදින්නට දුන්නේ ඇයි දැයි සිතන්නට වූහ.ඒ වන විට අරහත් භාවයට පත්ව සිටි ථේරපුත්තාභය තෙරණුවේ රජුගේ ඇද ළඟට පැමිණ නිසි අවස්ථාවට රජු සන්සුන් කිරීම සදහා බණ දේහනා කළේය.

මේ අවස්ථාවේදී රජු කළ පිංකම් ඇතුළත් පිං පොත කියවන ලදී.ඒ අනුව සංඝයා වහන්සේලාට දැක්වූ ත්‍යාගශීලී බව ගැන මතක් කර ගත්තේය.ඉතා දුෂ්කර අවස්ථාවන්ට මුහුන දෙමින් කළ දන් දීම් මතක් කිරීමේදී රජු වඩාත් සතුටට පත් වූයේය.
රජු අවසාන අවස්ථාවේදී සංඝයා වහන්සේලාගෙන් අවසාන ඉල්ලීම කළේය.එනම් සංඝයාගේ විනය කර්ම මාලකයෙහි තම සිරුර ආදාහනය කරන ලෙසය.එසේම නිතිපතා පහා සෑයට පුද පූජා පවත්වන ලෙසත්,කළ පූජා හා දාන නොනවත්වා එසේම පවත්වාගෙන යන ලෙසත්,සංඝයා වහන්සේට ගරු කරන ලෙසත් සිය සහෝදරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්පසු මේ මහා ප            ්‍රඥාවන්ත රජ තෙමේ රුවන්වැලි සෑය දෙස බලාගෙන ම වැදහොත්තේ සදහටම දෑස් පියා ගත්තේය.

මේ රජු යුද්ධ වීර,දානවීර,ධම්ම වීර යන වීරත්වය සම්බන්ද ගුණ තුනේම එකතුවක් ලෙස දක්වා ඇත.

ඉන්පසුව රජවූ සද්ධාතිස්ස කුමරු ගැන ලිපියෙන් හමුවෙමු.

Viewing all articles
Browse latest Browse all 208

Trending Articles